ප්‍රමුඛ පුවත 1

2017 ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට යුද හමුදාවේ අනුග්‍රහය

(UTV|කොළඹ)  – මෙවර 37 වන ජාතික ස්කොෂ් තරඟය 2017 ලබන 16, 17, 18 හා 19 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ  ඊයේ (11) පැවැති  මාධ්‍ය හමුවක දී  කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්ලිව්.එස්.පී. ජයවර්ධන මහතා පැවසුවේ මෙවර ජාතික ස්කොෂ් තරඟාවලිය 2017 ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර  ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙසින් ඉතිහාසයේ පළමු වරට ඔවුන් මීට අනුග්‍රහය දක්වන බවයි.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් සංකේතාත්මකව ප්‍රධානය කිරීම මෙහිදී සිදු කෙරුණි.

කාන්තා හා පිරිමි විවෘත වශයෙන්ද, වයස අවුරුදු 45, 50, 55 ට ඉහළ කාන්තා හා පිරිමින් සඳහා මෙවර ස්කොෂ්ත තරඟ පැවැත්වේ.
තරඟාවලියේ අවසන් දින (19) ත්‍යාග ප්‍රදාන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  සහභාගීවීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ යුධ හමුදා ස්කොෂ් කමිටුවේ බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.
යුද හමුදා මූලස්ථානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, යුද හමුදා මූලස්ථානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එච්ජීඅයි විද්‍යානන්ද, ශ්‍රී ලංකා යුද හමුදා ස්කොෂ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඒ. අබේසේකර (සභාපති) ජාතික ස්කොෂ් සංගමය, ආඥාපති, ඩබ්ලිව්එම්පී ජයවර්ධන (ජාතික), ජාතික ස්කොෂ් සංගමයේ ලේකම් ලාන්ස් කෝප්රල් එච්එම්වයි චතුරංග, යුධ ස්කොෂ් ක්‍රීඩකයා සහ මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ

Mohamed Dilsad

දුම්රිය වර්ජකයින්ට ඇමති අශෝක්ගෙන් තර්ජනයක් [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව් වන දිනටත් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment