ප්‍රමුඛ පුවත 1

රටක ආර්ථික වර්ධනයට යහපත් කළමනාකරණය ඉවහල් වෙනවා – ඇමැති ආචාර්ය සරත් අමුණුගම

(UTV|කොළඹ) – රටක ආර්ථිකය වර්ධනය කිරීමේදී යහපත් කළමනාකරණය ඒ සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් එවැනි යහපත් කළමනාකරණයක් නොමැති වීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වන රටවලට බලවත් ප්‍රශ්නයක් වී ඇති බවත් විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (12) කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී පැවැසීය.
වර්තමානයේ රාජ්‍ය ව්‍යවසායන් රාශියක් විශාල වශයෙන් පාඩු ලබමින් පවත්වාගෙන යාමට සිදු වී ඇත්තේ ද ඒවායේ නිසිකළමනාකණයක් නොමැතිවීම නිසා බව ද ඒ මහතා කීය.
‘මහජන කළමනාකරණය 2017’ මැයෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුණේ කැළණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟිනි.
එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආචාර්ය සරත් අමුණුගම මහතා, පෞද්ගලික අංශයේ ආයතන පාඩු ලබන විට අයිතිකරුවන් හා කොටස් හිමියන් විසින් ඒවායේ කළමනාකාරිත්වය ඉවත් කරන නමුත් රාජ්‍ය ආයතනවල සිදුවන පාඩුවට වගකියන්නට කිසිවකු නොමැති අතර එම කළමනාකාරිත්වය දිගටම තබාගැනීම නිසා ඒවා දිගටම පාඩු ලබන බවත් ප්‍රකාශ කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය ඛණිජතෙල් සංස්ථාව, ලංගමය ආදී රාජ්‍ය ආයතන රැසක් දිගින් දිගටම පාඩු ලබන අතර ඒවා පවත්වාගෙන යන්නේ රාජ්‍ය බැංකුවලින් ලබාගන්නා ණයවලින් බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
සිංගප්පූරුව ආදී රටවල් අද විශාල දියුණුවක් ලබා ඇත්තේ නිසි කළමනාකරණය නිසා බවත්, රාජ්‍ය ආයතනවල කළමනාකරණයට සුදුසුකම් නැති පෞද්ගලික හිතවතුන් හා පවුලේ අය පත්කිරීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විශාල වශයෙන් පරිහානියට පත් වී ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් කීය.
එබැවින් කළමනාකරණය පිළිබඳ විද්වතුන් බිහිකිරීම සඳහා කැළණිය විශ්වවිද්‍යාලය මඟින් මෙවැනි සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම ඉතාමත් කාලෝචිත බවද ඒ මහතා පැවැසීය.
කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.එන්. ප්‍රනාන්දු එහි මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය ඩී.යු.මොහාන්, මැලේසියාවේ පුත්‍මැලේසියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ගෝමස් යන මහත්වරුන් ද මෙහිදී දේශන පැවැත්වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

Mohamed Dilsad

ඇමෝනියා කිලෝ 150ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසම අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment