ප්‍රමුඛ පුවත 1

ඊ ස්වාභිමානී රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

(UTV|කොළඹ) –  මහජන ගැටලූ ඝෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන “ජනපතිට කියන්න” වැඩසටහන පසුගියදා ඊ ස්වාභිමානී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

තොරතුරු තාක්ෂණය පොදුජන සේවය වෙනුවෙන් උපරිමයෙන් භාවිතා කිරීම ඇගයීමට ලක් කරමින් ශී‍්‍ර ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනතය විසින් “ජනපතිට කියන්න වැඩසටහන” මෙම සම්මානයට පාත‍්‍ර කළ අතර ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම සම්මානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශපි‍්‍රය මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ, ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී සමන් පෙරේරා, සාමාන්‍යාධිකාරී ප‍්‍රභාත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

ජනපතිට කියන්න වැඩසටහන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමේ පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් හඳුන්වාදෙන ලද අතර රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලූ, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂම සහ සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනමින් ඵලදායීව ප‍්‍රතිචාර දක්වමින් විසඳුම් ලබා දීමට පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ් ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනපතිට කියන්න වැඩසටහන හරහා ලබාදී ඇත.

මෙයට ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මගින් පරික්ෂා කෙරෙන අතර එහිදී එම පැමිණිලි, දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.

ඉහත සියලූ කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වේ.

ජනපතිට කියන්න වැඩසටහනට මේ වන විට පැමිණිලි 164504ක් ලැබී ඇති අතර, ඉන් විසඳා අවසන් කළ පැමිණිලි සංඛ්‍යාව 62351කි. විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 59351 ක් වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමති සාගල ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ලන්ඩන් නුවර වැඩමුළුවට සහභාගීවෙයි

Mohamed Dilsad

සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේ

Mohamed Dilsad

අද බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment