ප්‍රමුඛ පුවත 1

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය තහනම් – ජනපතිගෙන් නියෝග

(UTV|කොළඹ) – මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදී පොලිතීන් භාවිතා කිරීම තහනම් කිරීමට ජනාධිපතිවරයා  මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දුන්නේය. එහිදී පොලිතීන් භාවිතය සිදුවුවහොත් අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
මේ පිළිබඳ ඉදිරියේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අදාළ පාර්ශ්වයන් දැනුවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදුන්නේ පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
කසළ ගැටලුවට විසඳුම් සෙවීම කිසිදු අයුරකින් ප‍්‍රමාද කළ නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ගැටලු ඇත්නම් ඒවා තමා වෙත කඩිනමින් යොමු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
මේ වන විට ආරම්භ කර ඇති කසළ කළමනාකරණ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සියලු පළාත් පාලන ආයතන සඳහා ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේ ප‍්‍රගතිය, කසළ කළමනාකරණ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ ප‍්‍රගතිය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳව ද සමාලෝචනයට ලක් කෙරිණි.
පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වර්තමාන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් විය.
සායනික අපද්‍රව්‍ය ඇතුළු රෝහල් පද්ධති තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සැකසීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සැකසීම, ඇළ දොළ ගංගාවල අප ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් සකස් කිරීම ආදී කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාෆා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොරගහකන්දේ ධීවරයින්ට මිලියන 05 ක් වටිනා ධීවර බෝට්ටු ලබාදෙයි…

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස විදේශගතවීමට රැදී සිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිනියගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment