ප්‍රමුඛ පුවත 1

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති ගැටලූව විසදාගැනීමට කඩිනමින් කටයුතු කරනවා.ජනපති හපුතලේදී කියයි

(UTV|කොළඹ) – ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

ඒ පිළිබද කරුණු පැහැදිළි කිරීම සදහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් අද රාති‍්‍රයේ රුසියාව බලා පිටත්කර යවන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

එමෙන්ම මේ පිළිබද රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතාගෙන් තමා විශේෂ ඉල්ලීමක් සිදුකරන බව ද සදහන් කළ ජනාධිපතිවරයා මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහය ශී‍්‍ර ලංකාවට හිමිවනු ඇති බවත් එබැවින් මේ පිළිබදව තේ කර්මාන්තයේ නිරත කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත් සදහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) හපුතලේ පැවති ජන හමුවක් අමතමිනි.

රුසියාවට තේ සපයන එක්තරා සමාගමක් විසින් ඇසුරුම්කරන ලද තේ පෙට්ටියක සිටි තේ කර්මාන්තයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද හානිදායක කෘමියෙකු රුසියාවේදී සොයා ගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ තේ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රුසියාව කටයුතු කරන ලදී.

අදාළ ගැටලූවට වගකිවයුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරික්ෂණයක් සිදුකර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සදහන් කළ ජනාධිපතිතුමා අදාළ පරික්ෂණවලදී සමාගම වැරදිකරු බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත‍්‍රය තහනම් කිරීමට ද කටයුතු කරන බව මෙහිදී කියා සිටියේය.

එමෙන්ම විශ‍්‍රාමලත් රාජ්‍ය නිලධාරින්ගේ සංගම් කිහිපයක් විසින් අද දින පුවපත්වල පළ කර තිබූ ලිපි කිහිපයක් පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ සියලූ විශ‍්‍රාමිකයින්ගේ ගැටලූ නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප‍්‍රසාද දිනාදීමට ඉදිරි සතිය තුළදී අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා වතු කම්කරු කොංග‍්‍රසය නියෝජනය කරමින් සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.

මෙවර මැතිවරණ ව්‍යාපාරයේ තම පළමු ජන හමුව රටේ වැඩකරන ජනතාව සමග පැවැත්වීමට හැකිවීම පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළකළේය.

මෙවර මැතිවරණ ව්‍යාපාරය රට පිළිබද හැගීමක් ඇති සියලූදෙනා එක පෙළට සිටගත යුතු මැතිවරණයක් බව පැවසූ ජනාධිපතිවරයා එය කිසිසේත් රටේ සංහිදියාව සහ සංවර්ධනය සදහා ගෙනයන වැඩපිළිවෙළට බාධාවක් විය යුතු නැති බව ද අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති සුගුමාරන් නායර්, හපුතලේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර අශෝක උදයකුමාර යන මහත්වරුන් ද මෙහිදී ජනාධිපතිවරයාට සහය පළකරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක් විය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන කි‍්‍රයාකාරින් රැසක් මීට එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හාලි ඇල ප්‍රදේශය සෙලවෙයි

Mohamed Dilsad

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment