ක්‍රීඩා

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්(ඡායාරූප)

(UTV|කොළඹ) – වොලිබෝල් ක‍්‍රීඩාව තුළින් දක්ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංචිත ගතකර ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කිරිමේ අරමුණින් 12 වන වරටත් අඛණ්ඩව පවත්වන ලද ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාප්ති උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙදින මෙම තරගාවලිය කාණ්ඩ 04 ක් යටතේ විවෘත අංශයේ පිරිමි / කාන්තා සහ වයස අවුරුදු 22 ක් පහළ පිරිමි / කාන්තා වශයෙන් පැවැත්විණි.

ඒ අනුව විවෘත අංශයේ පිරිමි ශූරතාවය දිනූ කටාන ඒකාබද්ධ ක‍්‍රීඩා සමාජයට සහ කාන්තා ශූරතාවය දිනූ කොස්වාඩිය විජය ක‍්‍රීඩා සමාජයට රුපියල් එක් ලක්ෂ පනස්දහස බැගින් චෙක්පත්, රන් සම්මාන සහ සහතිකපත් ජනාධිපතිවරයා අතින් ප‍්‍රදානය කෙරිණි.

එමෙන්ම වයස අවුරුදු 22 න්් පහළ පිරිමි අංශයේ ශූරතාවය දිනාගත් යුනයිටඞ් ක‍්‍රීඩා සමාජයට සහ කාන්තා ශූරතාවය දිනූ ගලිගමුව සිරි පැරකුම් ක‍්‍රීඩා සමාජයට හිමි රුපියල් ලක්ෂයක චෙක්පත්, රන් සම්මාන හා සහතිකපත් ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

වසර 10 කට වැඩි කාලයක් වොලිබෝල් ක‍්‍රීඩාව වෙනුවෙන් අනුග‍්‍රාහක දායකත්වය සැපයූ ආයතන අගයමින් විශේෂ සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ශ‍්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය දිවයිනේ සියලූම ප‍්‍රදේශ ආවරණය කරගනිමින් මාස 04 කට අධික කාලයක් පුරා පවත්වනු ලැබීය.

දිවයින පුරා පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් කණ්ඩායම් 2500 කට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 40000 කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූ අතර දැනට පැවැත්වෙන, ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් තරගාවලි අතුරෙන් විශාලතම තරගාවලිය ද මෙය වේ.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උප සභාපතිනි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පා.ම. අශෝක ප‍්‍රියන්ත, වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ඒ.එස්. නාලක යන මහත්ම මහත්මීන් ඇතු`එ පිරිසක් මේ අවස්ථාවට එක්විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/01-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/02-4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/03-4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/04-2.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

Mohamed Dilsad

ක්‍රිකට් කළමනාකරු ලෙස චරිත් සේනානායක පත් කෙරේ

Mohamed Dilsad

නවසීලන්ත – ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරඟය හෙට

Mohamed Dilsad

Leave a Comment