ප්‍රමුඛ පුවත 1

ඖෂධ මිල වැඩිවීම පිළිබඳව ඇමති රාජිත කියන කතාව

(UTV|කොළඹ) – ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුළ ඖෂධ මිල ඉහළයාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ සියයට 5 කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය කළ ඉල්ලීමක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ අධ්‍යනයකින් පසු සියයට 05 කින් මිල වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
එම ගැසට් නිවේදනයට අනුව මෙම මිල වැඩි කිරිම වසරක කාලයක් බල පැවැත්වෙන අතර, එම කාලය තුළ දී ලෝක වෙළෙදපොලේ ඖෂධ මිල ඉහළ ගිය ද ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. තව ද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම සිදු කරනු ලැබුයේ 2016 ඔක්තෝබර් මස 21 දායි.
වසරකට අධික කාලයක් තුළ ඖෂධ මිල අඩු කර තිබූ අතර, රෝගී ජනතාවට එමගින් විශාල සහනයක් ලැබුණි.
2017 දෙසැම්බර් මස 14 වන දින අංක 2049/31 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සිදු කර ඇති මෙම මිල වැඩි කිරිමට අදාල ඖෂධ වල මිල ගණන් වැඩිවන ආකාරය ද ගැසට් පත්‍රයේ සදහන් කර ඇත. උදාහරණයක් ලෙස මෙතෙක් කල් රුපියල් 1 සත 30 ට අලෙවි කළ පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1 සත 37 ක් වෙයි.
නව ගැසට් පත්‍රෙය් මිල ගණන්වලට අනුව ඖෂධ අලෙවි කළ යුතු බවත්, එලෙස ඖෂධ අලෙවි නොකරන අලෙවිසැල් පිළිබඳ ව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශණයක් සහ වැටලීම් ද සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රට පුරා පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

කලා ඇතළු විෂයන් කිහිපයක් සඳහා බස්නාහිර පළාත් ගුරු පත්වීම් දීමට සුදානම්

Mohamed Dilsad

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment