ප්‍රමුඛ පුවත 1

2018 ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ වැටුප් ඉහළට

(UTV|කොළඹ) – 2018 ජනවාරි 01දා සිට සියලු ම විනිසුරුවරුන්ගේ, නිතීපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් කරන ලද යෝජනාවකට අනුව මෙම වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර රජය විසින්  ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතිත්වය දරණ ආයතන කටයුතු පිළිබඳ ව කැබිනට් අනු කාරක සභාවේ අනුමැතිය ද, නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ යෝජනාව පිළිබඳව වාර්තාවක් සැපයීමට පත් කළ කැබිනට් අනු කාරක සභාවේ සභාපති විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව මෙම කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව  2018 ජනවාරි 01දා සිට වැටුප් වැඩිවීම සඳහා අනුමැතිය ලැබී තිබෙන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභය රාජපක්ෂ මහතා වංචා සෙවීමේ ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

අඛණ්ඩව පවතින වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක විරෝධය

Mohamed Dilsad

රාජිත ගොනු කළ මෝසම ඉවත් කර ගනී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment