ප්‍රමුඛ පුවත 1

ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්‍රයක්

(UTV|කොළඹ) – අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත නව විදේශ ගමන් බල පත්‍රයක් සකස් කිරීම සඳහා දැන් කටයුතු කරගෙන යන බවත් ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෙම ගුවන් ගමන් බල පත්‍රය 2018 වසරේ අගභාගය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා පවසයි.

නව ගුවන් ගමන් බල පත්‍රය මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් බියගම නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු නම් බ්‍රිතාන්‍ය සමාගම තෝරාගෙන ඇත.
මේ දිනවල නව ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීමට අදාළ සාධ්‍යතා වාර්තා සකස් කරමින් පවතී. එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු එය කැබිනට් මණ්ඩලය අනුකමිටුවකට යොමු කෙරේ.
අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු නව ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම ආරම්භ කරනු ඇතැයි ද රණසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.
මෙහි සාධ්‍යතා වාර්තාව සකස් කිරීමේ කටයුතු පසුගිය සදුදා (18) ආරම්භ කළ බව ද ඒ මහතා කීය.
මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී දිනකට මගීන් 15,000කගේ පමණ ආගමන විගමන කටයුතු සිදුකෙරෙන අතර ඒ සඳහා වැඩිපුර නිළධාරීන් යොදවා එම කටයුතු කඩිනමින් හා පහසුවෙන් ඉටුකිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය.
එමෙන්ම විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපොළේදීම වීසා නිකුත් කිරීමේ (online) වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර එය දෙපාර්තමේන්තුවට වැඩි ඵලදායිතාවයක් ලැබෙන අන්දමට යළි සකස් කිරීමට පියවර ගනිමින් තිබෙන බවද ණසිංහ මහතා තවදුරටත් පැවැසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක්

Mohamed Dilsad

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

Mohamed Dilsad

Leave a Comment