ප්‍රමුඛ පුවත 1

පොලිසියට අහිමි වී තිබූ ජනතා ගෞරවය යළි ලබා දුන්නේ යහපාලන රජයයි – අමාත්‍ය සාගල කියයි

(UTV|කොළඹ) – ඉහළ මට්ටමේ පොලිස් සේවයක් ඇතිකර රටේ ජනතාවට නීතිගරුකව සාධාරණව ජීවත් වෙන්න පුළුවන් කියන සහනය ඇති කර දීම අරමුණ බවත් පොලීසිය පිළිබඳ ජනතාව තුළ අමිහි වී තිබූ ගෞරවය යළි ජනතාව තුළ ඇතිකිරීමට හැකි වූයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව බවත් නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පුහුණූව ලැබූ ආධුනිල පොලිස් නිලධරයන් 476 දෙනෙකු මූලික පුහුණුව අවසන් කර විසිර යාමේ උත්සවයට සහභාගී වෙමිනි.

මෙසේ විසිර ගිය ආධුනික පොලිස් නිලධාරීන් අතර දමිළ පොලිස් කොස්තාපල්වරුන් 275 ක් සහ දමිළ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 07 දෙනෙකුත් ඇතුළත් වෙති.

එම අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේ විසිරයාමේ උත්සවයට සහභාගී වීමට ලැබීමත් මම විශේෂ ගෞරවයක් විදිහට සළකනවා. මොනද මේ විසිර යන නිලධාරීන් අතර සිංහල දෙමළ මුස්ලිම් යන සියලුම ජන කොට්ඨාසවල නිලධාරීන් ඒ අතර සිටින නිසා. මේක විශේෂ දවසක්. දෙපැත්තකට බෙදිලා යුද්ධකරපු ජනතාව, යුද්ධ කරපු ගම්මානවල දරුවෝ රට ආරක්ෂා කරන්න එක සේවයකට බැඳිලා රටේ ජනතාව ආරක්ෂා කරන්න ප්‍රතිඥා දීලා තියෙනවා.

මේ අවස්ථාවේ දී මම මුලින්ම මේ වැඩ කටයුතුවලට උදව් කරපු සියලුම දෙනාට මම ස්තූති කරනවා. විශේෂයෙන්ම මේ නිලධාරීන්ටත් , ඔවුන් පුරුදු පුහුණු කරපු අයට වගේම මේ අද විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකා පොලීසියට වසර 151 ක ඉතිහාසයක් තියෙනවා. ඒ වර්ෂ 151 තුළ පොලිසියට පහසුවුණු කාලයක් තිබුණා තියන්න බෑ. නමුත් ඒ කාලය තුළ පොලිසියට අමාරුවෙනම රාජකාරි කරන්න සිදුවුණු කාලය විදිහය යුද්ධ කාලය අපිට සඳහන් කරන්න පුළුවන්.

නිලධාරීන්ට දිගු කාලයක් යුද කලාපවල ඉන්න වුණා. යුදබියට මුහුණ දෙන්න වුණා. ජීවිත නැතිවුණා. තමන්ගේ දරුවෝ දෙමව්පියෝ දිගු කලකට නොදැක ඉන්න දසිදුවුණා. ඒ වගේම සමහරු ආයේ කිසිම දවසක දකින්න ලැබුණේ නෑ. ඒ යුද්ධය කාලය තුළ පොලිස් නිලධාරීන්ට ගැටළු රැසක් මතුවෙන්න ගත්තා.

යුද්ධයට අවධානය යොමුවුණු නිසා යුද උපකරණ ලැබුණා මිසෙක රටේ අනෙකුත් පොලීසිවලට උපකරණ ලැබුණේ නෑ. පොලිසි දියුණු කිරීම බොහෝ පසුබෑමකට ලක්වුණා.

පොලිස් නිලධාරීන් බඳවා ගනිද්දි ලබා දෙන පුහුණු කාලය අඩු වුණා. නීතිය පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලබා ගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. අද විසිර යන අවස්ථාවේ අපි හොඳම නිලධාරීන්ට ත්‍යාග ලබා දුන්නත් එදා අදවගේ පරිපූර්ණ නිලධාරීන් බිහිකරන්න අපිට බැරි වුණා. පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන ප්‍රශ්න මතු වුණා. මේවගේ අසීමිත ප්‍රශ්න රැසකට පොලිස් නිලධාරීන්ට මුහුණ දෙන්න සිදුවුණා.

යුද්ධය අවසන් වෙනවත් එක්කම මේ ප්‍රශ්න අවසන් වෙයි කියලා පොලිසියේ නිලධාරීන් හිතුවා. යුද්ධය අවසන්වීමත් සමඟ එහි ප්‍රතිලාභ පොලිසිටත් ලැබෙයි කියලා පොලිස් නිලධාරීන් හිතුවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් හිතුවේ ඒ විදිහටමයි. නමුත් පොලිස් නිලධාරීන්ටත් සාමාන්‍ය ජනතාවටත් යුද්ධය අවසන් වීමේ ප්‍රතිලාභ ලැබෙන්න ප්‍රමාද වුනා.

අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් රටේ ජාතික ආණ්ඩුවක් පිහිටුවලා යුද්ධය අවසන් වීමේ ප්‍රතිපල රටේ ජනතාවට ලබා දීමේ පොරොන්දුවක් දුන්නා.

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්තු ඒකේ කොටස්කාරයෝ කරන්න අපිට හැකිවුණා. පොලිසියට අහිමිවෙලා තිබුණු ජනතා ගෞරවය යළි පොලීසියට ලබා දෙන්න අපිට හැකිවුණා. අපිට ඒ කටයුතු කරන්න ඉතාම කෙටි කාලයක් තුළ පුළුවන් වුණා. දැන් අපි එතකින් එහාට කටයුතු කරන්න පටන අරන් තියෙනවා. අපි පොලිසීය ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා.

ඒකට පොලීසිය තරම්ම පරණ පොලිස් ආඥා පණත පිළිබඳ පවා සලකා බලන්න අපිට සිදු වුණා. ඒ ප්‍රතිසංස්කරණ තුළ පොලීසියේ පාලන ව්‍යුහය පිළිබඳ නැවත සලකා බලනවා. පොලිස් නිලධාරීන් ලබන පුහුණුව ඉහළ මට්ටමකට ගේන්න අභ්‍යාස විද්‍යාල වලින් පටන් ගත්තා. එතනින් නොනැවතී අපි පොලිස් විශ්ව විද්‍යාලකුත් අපි ස්ථාපිත කරලා මේ නිලධාරීගේ අධ්‍යාපනය ඉහළට ගෙනියන්න අපි කටයුතු කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ නූල් බෝලයක් වගේ පැටලිලා තිබුණ පොලිස් උසස්වීම් ගැටළුව විසඳන්න අපි කටයුතු කරගෙන යනවා.

මාරුවීම් පටිපාටියත් හැමෝටම සාධාරණ වෙන විදිහට ක්‍රියාත්මක කරන්න පොලිස් කොමිසම විසින් අවශ්‍ය කටයුතු සිදුකළා. ඒ විතරක් නෙවේ පොලිස් නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවත් කටයුතු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. පොලිස් ස්ථාන ඉහළ මට්ටමකය ගන්න, පොලිස් බැරැක්කවල ත්ත්වය ඉහළ මට්ටමකට ගන්න, විවාහක නිලධාරීන්ගේ නිවාස ප්‍රශ්නය විසඳන්න අපි කටයතු කරමින් යනවා. මේ අවුරුද්දේ අවසාන කැබිනට් රැස්වීමෙදී අපි තීරණය කළා හබරාදුව ප්‍රෙද්ශයේ නිවාස 193 ක් ලබා ගන්න කැබිනට්අනුමතය දුන්නා. අපි පොලිස් රෝහල දියුණු කරන්න කටයුතු කළා. පොලිස් කොස්තාපල් රියදුරු රක්ෂණආවරණයක් ලබා දෙන්න අපි කටයුතු කරාගෙන යනවා. ඒ වගේම තමයි අපි මේ වැඩ පටන් ගත්තේ පොලිස් නිලධාරීන්ගේ වැටුප් 41% ඉහළ දැමමීමෙන්. අපි මේ හැම දෙයක්ම කරන්නේ එකම බලාපොරොත්තුවෙන්. ඒ තමයි ඉතාම ඉහළ මට්ටමේ පොලිස් සේවයක් ඇතිකරලා මේරටේ ජනතාව , ආයෝජකයෝ, සංචාරකයෝ ආරක්ෂා කරන නීතිය හරියට ආරක්ෂා කරන පොලිස් සේවයක් ඇති කරලා රටේ ජනතාවට නීතිගරුකව සාධාරණව ජීවත් වෙන්න පුළුවන් කියන සහනය ඇති කර දීමයි. තීතිය හැමෝටම එකයි කියන දේ අපි ඔලුවේ තියාගෙන අපි කටයුතු කරන්න ඕන. ඒ විශ්වාසය අවශ්‍යයයි රටේ ආර්ථික දියුණුව ඇති කරන්න. යැයි අමාත්‍යවරයා කීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළු කැළණි ගංගා වල ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රවුෆ් හකීම්ට එරෙහිව අල්ලස් කොමිසන් සභාවට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment