ප්‍රමුඛ පුවත 1

මේ වසරේදී කෝටි 13 අධික කුඩු අල්ලයි -ඇමති සාගල කියයි

(UTV|කොළඹ) –  2017 වර්ෂයේ මේ දක්වා කාලය තුළදී පමණක් කෝටි 13 කට අධික හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට සහ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපාරාධ දිසාවට හැකි වූ බවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් අතුගා දමන දිනය වැඩි ඈතක නොවන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ කටයුතු මේ වන විට වෙනදාට වඩා ඉතා සූක්ෂ්ම හා විධිමත්ව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් 2017 ජනවාරි 01 වැනිදා සිට පහුගිය දෙසැම්බර් 27 වැනිදාවන විට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5.3)ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එය ප්‍රමාණාත්මකව ගත්විට ග්‍රෑම් 5,385.266ක ප්‍රමාණයක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම පසුගිය අගෝස්තු මාසයේ දී පිහිටවූ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ දිසාව හෙරොයින් ග්‍රෑම් 8,226.659ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 82,266,590.00 (කෝටි 8.2)ක් පමණ වන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව 2017 වසරේ මේ දක්වා කාලය තුළ 136129250.00 ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ පිලිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

2017 ජනවාරි මාසයේ ඉන් දෙසැම්බර් 22 වෙනතුරු කාලය පුරා සිදුකරපු හෙරොයින් සම්බන්ධ වැටලීම් 285 ක දී සැකකරුවන් 303 දෙනෙකු අත් අඩංගුවට ගන්න පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවෙලා තිබේ.

ඒ වගේම තමයි අගෝස්තු මාසයේ පිහිටවපු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ දිසාව මඟින් වැටලීම් 160 කදී සැකකරුවන් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ එකිනෙක බැඳුණු කාරණා දෙකක්. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ  පාතාල ක්‍රියාකරම් බොහෝ දුරට එකම පිරිසක් විසින් සිදු කරයි.

විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරවන ප්‍රධාන පෙළේ පාතාල නායකයින්අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මකයි.

මේ වැටලීම් අපි දිගටම කරනවා. ඒවා කාටවත් නවත්වන්නත් බෑ. මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි තුරන් කිරීමේ වැඩසිළිවෙල කාටවත් නවත්වන්න බෑ. ඒ දවස වැඩි ඈතක නෙවෙයි. අපි ඒ කටයුතු ඉතා විධිමත්මත්ව සිදුකරයි. මේ ක්‍රියාදාමයට අතිගරු ජනාධිපතිතුමාගේ වගේම අගමැතිතුමාගේත් පූර්ණ ආශිර්වාදය හිමිවෙලා තියෙනවා යැයි අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් මිල යළි ඉහළ නොදමන බවට රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

ත්‍රස්තවාදය තරයේ හෙලා දකිනවා – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

Leave a Comment