ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

(UTV|යාපනය) – යාපනයේ වඩමාරච්චි ප‍්‍රදේශයේ සිසුවෙකු වස පානය කිරීම නිසා යාපනයේ මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.
ඒ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඔහු බලාපොරොත්තු වූ අන්දමේ ප‍්‍රතිඵල නොලැබීම නිසා සිත් තැවුලට පත්වූ නිසා බව වාර්තාවේ.
ඊයේ(28) පස්වරුවේ මෙය සිදුව ඇති අතර එම සිසුවා වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙකි.
පස්වරුවේ ඔහුගේ කාමරයෙන් කෙදිරිලි හඩක් ඇසී බලන විට ඔහු ඇද මත වමනය කරමින් සිටි නිසා ඔහුව රෝහල් ගත කල බව සිසුවාගේ පියා පොලීසියට පවසා ඇත.
ඔහු පානය කොට ඇති වස වර්ගය එතරම් ප‍්‍රබල වර්ගයේ වස වර්ගයක් නොවීම නිසා ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන් ප‍්‍රකාශ කොට ඇත.
වඩමරච්චි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

Mohamed Dilsad

ජනතාවට කලබල නොවන ලෙස පොලිසිය දැනුම් දෙයි

Mohamed Dilsad

ජෝසප් ඇලෝසියස්ට විදෙස් ගතවීමට අවසර…

Mohamed Dilsad

Leave a Comment