විදෙස්

දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්

(UTV|කොළඹ) – මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා සහභාගි වීම පිළිබද සාකච්ඡා කිරීමට දකුණු කොරියාව, උතුරු කොරියාවට ඇරයුම් කර තිබේ.

එම සාකච්ඡා ජනවාරි 9 වනදා පැවැත්විය හැකි බව දකුණු කොරියානු ඒකාබද්ධතා අමාත්‍ය චෝ-මියොං-ගියොං දැනුම්දී ඇත.

දකුණු කොරියාවේ පියොංචැං හි පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා තම ක්‍රිඩක කණ්ඩායමක් සහභාගි කරවීම පිළිබද අවධානය යොමුවී ඇති බව උතුරු කොරියානු නායක කිම්ජොං අන් ප්‍රකාශ කර තිබේ.

එය දෙරට අතර, උණුසුම් වාතාවරණය සමනය කිරීමේ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන බව දකුණු කොරියානු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාලදිවයිනේ හදිසි තත්වයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 26 ක් මරුට

Mohamed Dilsad

ඕකී ඉන්දියාවට ඇතුළු වෙයි. තමිල්නාඩුවට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment