ප්‍රමුඛ පුවත 1

ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් නොකරයි නම් දිවයින පුරා හෙද වර්ජනයක්

(UTV|කොළඹ)  – කොළඹ ජාතික රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (12) උදෑසන 07.00ට අවසන්විමට නියමිතය.

ඔවුන් දෛනික රාජකාරියට වාර්තා කිරිමේදී ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරිමට විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කළේය.

ශ්‍රී  ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ක්‍රියාත්මක කරන වර්ජනයට සහය පල කරමින් ජාතික රෝහලේ හෙද කාර්යය මණ්ඩලය ද ඊයේ උදෑසන 07.00ට වර්ජනයක් ආරම්භ කළේය.
ඒ අනුව මෙම වර්ජනය ජාතික අක්ෂි රෝහලේ ද ක්‍රියාත්මක වූ අතර එම වර්ජනය ද අද (12) උදෑසන අවසන්විමට නියමිතය.
කෙසේවෙතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 10ක් ගතවන අතර ඊට මේ දක්වාත් විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නැහැ.
අද දිනය තුළ මෙම ගැටළුවට නිසි විසදුම් ලබා නොදුනහොත් දිවයින පුරා හෙද වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව සමස්ත ලංකා හෙඳ සංගමයේ ජාතික සංවිධාක එස්.බී මැදිවත්ත මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Mohamed Dilsad

මේ වනවිට බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම වසා දමයි

Mohamed Dilsad

Leave a Comment