ප්‍රමුඛ පුවත 1

වීදි චිත‍්‍රශිල්පීන්ට මෙම වසරේ සිට ජනාධිපති සම්මාන – ජනපති කියයි

(UTV|කොළඹ) – විශිෂ්ට නිර්මාණ හැකියාවන්ගෙන් පිිරිපුන් වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ දක්ෂතා අගය කරමින් මෙම වසරේ සිට ඔවුන්ට ජනාධිපති සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

එමෙන්ම වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ සුබසාධනයට සහ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයක් ලෙස ලබාදියහැකි සෑම සහයක්ම ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ සංගමය සමඟ ඊයේ (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

සිය නිර්මාණ හැකියාවෙන් දැයක් සුවපත් කරන නමුත් තමන්ට ජනාධිපතිවරයෙකු හමුවීමට අවස්ථාව ලැබුණේ ඉතිහාසයේ පළමු වරට බව මෙහිදී පැවසූ වීදි චිත‍්‍රශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයින් දේශීය සංස්කෘතිය අගයන කලාකාමී රාජ්‍ය නායකයෙකු වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ තම ක්ෂේත‍්‍රයට අද නිසි පිළිගැනීමක් හිමිව තිබෙන බව ද කියා සිටියේය.

සිය ඉල්ලීම් කිහිපයක් ද මෙහිදී මෙම නියෝජිතයින් විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර සංචාරක ආකර්ෂණයට ලක්වූ ප‍්‍රදේශවල තම නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා ගැනීම, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචිවීම, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය නියෝජනයට අවස්ථාවක් ලබා ගැනීම, සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශ සහය ලබාගැනීම සිය නිර්මාණ ඉදිරිපත්කරන ප‍්‍රදේශවල නගරාලංකාර කටයුතු මෙන්ම පූර්ණකාලීනව ක්ෂේත‍්‍රයේ නිරතවන පිරිස්වලට බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සලසා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.

එමෙන්ම ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග ඇතුළත් යෝජනා කිහිපයක් ද ඔවුන් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ රට තුළ සංහිඳියාව ගොඩනැගීමට ගෙනයන වැඩපිළිවෙළට දායක වෙමින් උතුර, දකුණ යා කෙරෙන සංහිඳියා වැඩසටහන් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදීමේ හැකියාව ද ඔවුන් පෙන්වා දුන්හ.

සියලු ක්ෂේත‍්‍ර දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය. කොළඹ වීදි චිත‍්‍ර ශිල්පීන්ගේ සංගමයේ කාර්යාලයීය පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සංගමයේ සභාපති ඒ.සී. නුවන්, ලේකම් විශ්වජිත් යෂේරා, භාණ්ඩාගාරික ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

Mohamed Dilsad

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිතන් ජනපති හමුවෙයි

Mohamed Dilsad

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment