ක්‍රීඩා

සීක්කුගේ ලොව දෙවන තැනට

(උදයම්, කොළඹ)  – ඊයේ තරඟයේදීත් දැක්වූ දස්කම් සමග සීකුගේ ප්‍රසන්න පිළිබඳව බොහො දෙනා අතර කතා බහට ලක්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සීකුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 37ක් රැස් කළේය.ඒ පන්දු 16කට මුහුණ දෙමිනි.ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් අන්තර්ගත විය.මෙම ඉනිම ඔහුගේ හොඳම විස්සයි විස්ස ඉනිමද වේ.

සමස්ථයක් ලෙස විස්සයි විස්ස තරඟවල සීකුගේ ප්‍රසන්නගේ පන්දුවට පහරදීමේ වේගය ලෙස සඳහන් වන්නේ 166.83කි.එය විස්සයි විස්ස තරඟවල ලොව දෙවන වේගවත්ම පන්දුවට පහර දීමේ වේගයයි.

මෙහි පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ නවසීලන්ත ක්‍රීඩක කොලින් ග්‍රෑන්ඩ්හෝම්ය.ඔහුගේ පන්දුවට පහර දීමේ වේගය 170.74කි.

තෙවන ස්ථානය බටහිර ඉන්දිය කොදෙව්හි ඇන්ඩ්‍රේ රසල්ට හිමිව තිබේ.ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 164.71 ලෙස දැක්වේ.

Related posts

BPL තරගාවලිය ලබන වසරට කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ඉන්දීයාව ඔස්ට්‍රේලියාව සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය

Mohamed Dilsad

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

Leave a Comment