ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 321ක ඉලක්කයක්

තුන්කොන් එක්දින තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 321 ක ඉලක්කයක් හිමිව තිබේ.

ඩකාහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කළේය.

තමින් ඉක්බාල් 84 යි.

අනාමුල් හක් ලකුණු 35 ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 67 ක් ලබාගත්තේය.

වේගවත් පිතිහරඹයක නිරතවු මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 ක් ලබාගත්තේ පන්දු 52 කින්. මහමුදුල්ලා 24 යි. නසීර්  හුසේන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියේය.

සබීර් රහ්මන් නොදැවී 24 යි.

පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 3 ක් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් බිඳහෙලුය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාවට ලකුණු 374 ක ඉලක්කයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරගය අද

Mohamed Dilsad

දකුණූ අප්‍රිකාවට සමඟ තරඟයේ නවසීලන්තය කාසිය වාසිය දිනාගනී

Mohamed Dilsad

Leave a Comment