ප්‍රමුඛ පුවත 1

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

(UTV|කොළඹ) – ඉතිහාසයේ සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව වරින් වර වෙනත් පක්ෂ බිහිවුවද ඒ කිසිවක් සාර්ථක නොවූ අතර මෙවර ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එරෙහිව පක්ෂයේම ඇතැම් පිරිසක් ගොඩනගා ගෙන ඇති නව පක්ෂයට, ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වංචාවෙන්, දූෂණයෙන් අක‍්‍රමිකතාවයෙන් මෙන්ම හොරුන්ගෙන් තොර නිර්මල පක්ෂයක් බව පැවසූ ජනාධිපතිතුමා රට විනාශ කළ දූෂිත පාලනයක් යළි රට තුළ ඇති කිරීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බව ද අවධාරණය කළේය.

එමෙන්ම රට ජාතිය සහ ජනතාව වෙනුවෙන් මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබන බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ඊයේ (23) පස්වරුවේ ආණමඩුව ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එම ජයග‍්‍රහණය සමග රට වෙනුවෙන් ඉටුකළ යුතු වැඩකොටස කඩිනම් කරන බවද පැවසූ ජනාධිපතිතුමා තමාගෙන් පසුව තම පුටුව භාරදීමට තම පවුලේ කිසිවෙකු සූදානම් කර නොමැති බැවින් රටත් ජනතාවත් වෙනුවෙන් ඉටුකළ යුතු වැඩකොටස නිසි ලෙසම ඉටුකිරීමේ ශක්තිය තමාට තිබෙන බව ද කියා සිටියේය.

නීතිය ඉදිරියේ වැරදිකරුවන් ආරක්ෂා කිරීමට තමන් සූදානම් නොමැති බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඌව ප‍්‍රධාන අමාත්‍යවරයා විදුහල්පතිනියක සමග ගැටලුවක් ඇතිකරගත් අවස්ථාවේ ඔහුට අදාළ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියෝග කර, ඔහුට එරෙහිව අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකර කර නීතිය කි‍්‍රයාත්මක කිරීමට උපදෙස් ලබාදුන්නේ නීතිය සැමට පොදු සහ සාධාරණ අයුරින් කි‍්‍රයාත්මක විය යුතු නිසා බව ද කියා සිටියේය.

තමා සුඛෝපබෝගී ජීවිතයක් ගත කළ ප‍්‍රභූ පවුලක අයෙක් නොවන අතර මේ රටේ දුක් විදින අහිංසක ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ නිසි අවබෝධයක් තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රටේ ගොවි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට ගතහැකි සෑම තීන්දු තීරණයක්ම ගන්නා බවද කියා සිටියේය.

වයඹ ජනතාවගේ ජල ගැටලුවට මොරගහකන්ද කළු ගඟ ජලාශය හරහා ස්ථිර සාර විසඳුමක් ලැබෙනු ඇති බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රත්නපුර, කලුතර සහ කෑගල්ල දිස්ති‍්‍රක්ක ගංවතුර තර්ජනයට ලක්කරමින් මහමුහුදට ගලායන ජලකඳ වයඹට සහ උතුරට නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් නළ මගින් ගෙන ඒමේ ව්‍යාපෘතියේ මූලික පියවර තම ධූර කාලය තුළ ඉටුකරන බවද කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ තවත් ජන හමුවක් මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ආණමඩුවේදී පැවැත්විණි.

ආණමඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා විසින් සංවිධානය කර තිබූ මෙම ජනහමුවට අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ටී.බී. ඒකනායක, තිලංග සුමතිපාල, වීරකුමාර දිසානායක, ශාන්ත බණ්ඩාර, අනුරුද්ධ පොල්ගම්පොල, නියෝමාල් පෙරේරා, දයාශී‍්‍රත තිසේරා, සුමල් තිසේරා, පියසිරි රාමනායක, වික්ටර් ඇන්තනී යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

විග්නේෂ්වරන්ගේ නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment