ප්‍රමුඛ පුවත 1

ඇමති සාගල පොලීසියට දෙහි කපයි

“පොලීසියට වෘත්තීමය නිදහස ලබා දී තිබෙන අවස්ථාවක දී පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය පොලීසියේ දුර්වලතාවක් බවත් පොලීසිය ස්වාධීනව කටයුතු කළ යුතු බව තමා නැවත නැවතත් ප්‍රකාශ කරන බව” නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

එසේම පොලීසියට නිර්දේශපාලනීකරණය කර තිබෙන නිසා කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීමේ හැකියාව පොලීසියට තිබිය යුත බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා එසේ කියා සිටියේ පස්ගොඩ ප්‍රදේශයේ පැවති ජනබහමුවකට එක්වෙමිනි.

“අපි අද වෙද්දි පොලීසිය නිර්දේශපාලනීකරණය කරලා තියෙනවා. අද පොලීසියට කියන්න බෑ අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ අපිට බලපෑම් තියෙනවා කියලා.මොකද පොලිසීයට අපි වෘත්තීමය නිදහස ලබා දී තියෙනවා. අපි හැමදේම කරන්නේ මැතිවරණ නීතියට අනුකුලවයි. අපි සාමකාමීව අපේ දේශපාලන කටයුතු සිදුකරගෙන යනවා. එහෙම වැඩකරද්දි කවුරු හරි හිරිහැර කරනවානම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. නීතිය හැමෝටම එකයි. ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තැනට අපි පොලීසිය ගෙනැත් තියෙනවා. නීතිය හැමෝටම එකවිදිහට ක්‍රියාත්මක කරන්න බැරිනම් ඒක පොලීසියේ දුර්වලතාවයක්.අපි පොලීසියට පහසුකම් දීලා තියෙනවා. වැටුප් වැඩිකරලා තියෙනවා. එහෙම තියෙද්දි පොලීසියෙන් අඩුපාඩු වෙන්න බෑ. මම පොලීසියට කියනවා ස්වාධීනව වැඩ කරන්න කියලා” යැයි අමාත්‍යවරයා පැවසීය.

“මේ දවස්වල මහින්ද මහත්තයා එකසිය ගාණට දුවනවා රට පුරා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට. හැබැයි එතුමා දුවන්නේ මොන පක්ෂයෙන්ද කියලා අපි හොයලා බලන්න ඕන. එතුමා දැනටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. ඒත් රට පුරා ගිහින් කියන්නේ පොහොට්ටුව කියලා පක්ෂෙකට ඡන්දය දෙන්න කියලයි.මම නම් අපේ පක්ෂය දරුණුම වැටිලා තිබුණු කාලෙත් ඒ කියන්නේ විශේෂයෙන්ම 2010 ඡන්දෙ කාලෙත් පක්ෂය අතඇරලා නම් ගියේ නෑ. අපේ පක්ෂයට අපි ගරු කලා. ඒ අපේ පක්ෂයට විනයක් සහ ප්‍රතිපත්තියක් තියෙන නිසයි. පක්ෂය පැරදුනත්අපි පක්ෂයත් එක්ක හිටියා. පක්ෂය පැරදුණා කියලා වෙන පක්ෂයකට ගිහින් මොන මොනවා හරි අරගෙන පක්ෂයට ද්‍රෝහීකම් කළේ නැහැ” යැයි අමාත්‍ය වරයා ස්නාදහන කළේය.

2015ට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා තමයි අද මේ රටපුරා යන්නේ ශ්‍රී ලංකා එකට ඡන්දෙ දෙන්න එපා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා.තමන් බිහිවුණු පක්ෂයට එහෙම කරන්න පුළුවන්ද තමන්ගේ පක්ෂයට එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් රටේ ජනතාවට කොහොම කරයිද කියලා මට හිතාගන්න පුළුවන්.

එතුමා හම්බන්තොට වරාය හැදුවාමත්තල ගුවන් තොටුපල හැදුවා හැබැයිබ ඒඔක්කොම සුදු අලි බවට පත්වුණා. ඒවා හදන්න ගත්තු ණය ගෙවාගන්න බැරුව බඩු මිල වැඩි කරලා ජනතාවට බදු ගැහුවා. ඒත්ලඅපි හමබන්තොට වරාය මේ රටේ ආර්ථිකයට එකතු කරගන්න පුළුවන් විදිහේ සැලසුම් හැදුවා. හැබැයි අපි හම්බන්තොට වරාය වික්කේ නෑ. අපි හම්බන්තොට වරායට සමගාමීව කර්මාන්ත පුරයක් සැලසුම් කළා. එතකොට රැකියා ප්‍රශ්නෙටත් විසඳුම් ලැබෙනවා.රාජපක්ෂ මහත්තයා ගාලුමුවදොර පිට්ටනියේ ඉඩම් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ටසින්නක්කරවම වික්කා. ඒ වික්කේ එතන තිබුණු හමුදා මූලස්ථානයත් එතනින් අයින්කරලා. ඒ විකුණද්දි උත්සාහ කලා එතන තියෙන බණ්ඩාරනායක පිළිරුවත් විනාශ කරන්න. වාසනාවකට අපේ රජය බිහිවුණු නිසා ඒ පිළිරුවත් ආරක්ෂා වුණා.

අපි රට විනාශකරනවා කියන මහින්ද මහත්තයාට මම කියනවා එතුමාගේ පපුවට තට්ටු කරගෙන අහන්න කියලා එතුමා රට විනාශ කරන්න නොකළේ මොනවාද කියලා.මේ පලාතට ආවාම වැඩිපුරම කතාවෙන්නේ ගිං- නිල්වලා ව්‍යාපෘතිය ගැන.මේ ව්‍යාපෘතියට 2015 ඡන්දෙ කාලේ සල්ලි කුට්ටියක් හුවමාරු වුණා එක ඇණයක්වත් ගහන්නේ නැතුව. එතකොට මේ ව්‍යාපෘතියට ශක්‍යතා වාර්තාවක්වත් තිබුණේ නෑ.යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment