Trending News

“මෙරට වන ඝණත්වය ඉදිරියේදී සියයට 32 දක්වා වර්ධනය කරනවා”ජනපති කියයි

(උදයම්,කොළඹ)  – පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27 ක් 28 ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ සියයට 32 දක්වා වර්ධනය කර ගැනීම බව ජනාධිපතිතුමා පවසයි.

ලෝකයේ අනෙකුත් රටවල් සේම අපේ රටේද සිදුව ඇති පරිසර හානිය හේතුවෙන් මතුව ඇති දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් සමග මිනිසා ප්‍රමුඛ සියලූ සතුන්ට ජීවත්වීම පිළිබඳ අභියෝගයකට මුහුණදීමට සිදුව ඇති බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් වැඩසටහන යටතේ ඉදිවූ ජීවවායු, කාබනික පොහොර, හරිත වගා හා සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අද (27) පෙරවරුවේ විවෘත කරමිනි.

පාසල තුළ ලබන විෂය කරුණුවලට අදාළ අධ්‍යාපනය සේම ඉන් බාහිරව ලබන දැනුම සහ අවබෝධය තම දෛනික ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම මෙහිදී දරුවන්ට පහදා දුන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටීමටනම් ආත්මාභිමානයෙන්, අධිෂ්ඨානයෙන් සහ ස්වශක්තියෙන් කටයුතු කිරීමට දරුවන් කුඩා කාලයේ සිට පුරුදු පුහුණු විය යුතු බවයි.

බලශක්තියේ වැදගත්කම අද සියලූදෙනා මැනවින් හඳුනාගෙන තිබෙන අතර පොළොන්නරුව සිය නිවස මෙන්ම කොළඹ ජනාධිපති නිල නිවසද අද සූර්ය බලශක්තියට පරිවර්තනය කර ජාතික විදුලි බල පද්ධතියට ද විදුලිය ලබාදෙන බව පැවසූ ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය ස`දහා දායකවිය හැකි සියලූ දරුවන් සිය නිවෙස් ඒ සඳහා සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

රටේ ආර්ථීක නිදහස ළඟා කර ගැනීම දේශපාලනඥයින්ට, රාජ්‍ය නිළධාරින්ට පමණක් පැවරෙන වගකීමක් නොව පාසල් දරුවාගේ සිට සෑම පුරවැසියෙකුටම ඒ සඳහා දායකවිය හැකි බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හරිත උදාන වැඩසටහන සඳහා දායකවූවන්ට සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

Related posts

මම පෙන්නලා තියෙනවා මට හොද පිටකොන්දක් තියෙනවා කියලා – ජනපති

Mohamed Dilsad

Donald Trump arrives at his comfort zone at ‘winter White House’

Mohamed Dilsad

ජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.

Editor O

Leave a Comment