ප්‍රමුඛ පුවත 1

වායුගෝලය කැළඹෙයි.ඇතැම් ප්‍රදේශ වලට තද වැසි

(UTV| කොළඹ) – ඉදිරි පැය 24 ක කාලය තුළ ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට මිලි මීටර 150 ක් පමණ වු වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අද දහවල් 12 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව ද එම නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර දකුණු සහ බස්නාහිර පළාත් වල සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 පමණ) ඇති විය හැකි බව ද වාර්තා වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ අංශ අනතුරු අඟවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

හිටපු ජනපති දුන් මරණ දඬුවමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Mohamed Dilsad

Leave a Comment