ප්‍රමුඛ පුවත 1

වසර 27 ක් පුරා වසා දමා තිබු ඒ-බී 21 මාර්ගය අද සිට ජනතාවට විවෘතයි -ජනපති කියයි

(UTV| යාපනය) – 1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමිනි. එම මාර්ගය අද විවෘතවීමත් සමග ජනතාව ගමන්කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා කිසිදු බේදයකින් තොරව යාපනය ජනතාව වෙනුවෙන් ද සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කරන බව සඳහන් කළේය.

රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට තමා කැපවී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළ හැකි සෑම කැපකිරීමක් සිදුකරන බව ද පැවසීය. උතුරේත්, දකුණේත් සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත්කර ගත්තේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක් කෙරෙහි දැඩි අපේ්ක්ෂා සහගතව බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම අපේක්ෂාවන් ඉටු කිරිමට ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද සඳහන් කළේය.

මේ අතර යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු මේ වන විට සියයට 75 කින් පමණ අවසන් කර තිබෙන අතර, ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

අතුරුදන්වූවන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා පවතින ජනතා හඬ නැගීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් ඉහළම සාධාරණය ඉටුකිරීමට තමා කැපවී සිටින බවයි. එම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා අතර, ඔවුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍ය සාකච්ඡා, සොයාබැලීම් සඳහා ඕනෑම අවස්ථාක තමා සූදානම් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

යාපනය මහ නගර සභා කී‍්‍රඩාංගණයේ පැවති මෙම ජනහමුවට දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් ද මෙවර පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයේ මහ නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේ්ක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

මේ අතර අද පෙරවරුවේ වව්නියාව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා ද ජනාධිපතිතුමා එක්විය. මෙවර පළාත් පාලන මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින වව්නියාව දිස්ති‍්‍රක් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජනහමුව වව්නියාව යන්ග් ස්ටාර් කි‍්‍රඩාංගණයේ දී පැවති අතර ජාති, ආගම් බේදයකින් තොරව දිස්ති‍්‍රක්කයේ විශාල ජනතාවක් ඊට එක්ව සිටියහ.

ඔවුන් ද මහත් හරසරින් යුතුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගනු ලැබීය. එම ජනතාව අමතමින් ජනධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවට සේවය කිරීමේදී කිසිවිටෙක පක්ෂ, පාට, ජාති, ආගම් බේද නොසැලකිය යුතු බවයි.

වව්නියාව ජනතාවට සේවය කර ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් බව සඳහන් කරමින් එම ජනතාව අතර බෙදා දී ඇති පති‍්‍රකාවක් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා වව්නියාව ඇතුළු උතුරේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර එයට සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය වන පරිදි මැති ඇමතිවරු පත් කරමින් පක්ෂ බේදයකින් තොරව සියලු ජනතාවට එක හා සමාන සංවර්ධනයක් ලබාදීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන ලද්දේ තමා විසින් බව කියා සිටියේය.

සංවර්ධනයට මුවා වෙමින් දේශපාලන වශයෙන් ජනතාව බෙදා වෙන් නොකරන ලෙස තමා උතුරේත් දකුණේත් සියලු දේශපාලනඥයින්ගෙන් ඉල්ලන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

වව්නියාව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාදර් මස්තාපා ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ඩිජිටල්කරණය වේගවත් කරලීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සහය

Mohamed Dilsad

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

Mohamed Dilsad

සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු – සංහිදියා කාර්යංශය කියයි

Mohamed Dilsad

Leave a Comment