දේශීය

ජාඇළ, දඬුගම නීතිවිරෝධි මහා පරිමාණ ඉඩම් ගොඩකිරීම් ජනපති නියමයෙන් වහාම නවතා දැමීමට පියවර

(උදයම්, කොළඹ) – ජාඇළ, දඬුගම ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී නීතිවිරෝධි අයුරින් මහා පරිමාණ ලෙස සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම ඉඩම් ගොඩකිරීම් පිළිබඳ ප‍්‍රදේශවාසීන් විසින් පසුගියදා ජනාධිපතිතුමා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ පාර්ශව සමග වහාම එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිතුමා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් ජාඇල පොලිසිය සමග අද එම ස්ථාන වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නවතා දැමීමට පියවර ගන්නා ලදී.

මුතුරාජවෙළ කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදු කෙරුණු මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම් සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිතය.

පරිසරයට සහ ජෛව විවිධත්වයට හානිවන අයුරින් සිදුකෙරෙන මෙම අනවසර ඉඩම් ගොඩකිරීම්වලට එරෙහිව පවතින නීති රීති යටතේ උපරිම ද`ඩුවම් ලබාදීමට ජනාධිපතිතුමා මීට පෙර ද උපදෙස් ලබා දී තිබේ.

Related posts

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

Mohamed Dilsad

ගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පාසල් සිසුන්ට කෝවිඩ්-එන්නත ලබා දීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment