Trending News

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

(UTV| කොළඹ) – අපවත් වී වදාල බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද (08) දිනයේ සිදුකිරීමට නියමිතයි.

අද පස්වරුවේ ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

1942 වර්ෂයේ උපත ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් 1956 වර්ෂයේදී පැවිදි දිවියට පත් විය.

පෑලියගොඩ විද්‍යාලංකාර හා දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන් වලින් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාත්‍රවේදී උපාධියක්ද, විදයෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාත්‍රවේදී උපාධියක් ද ලබාගත්හ.

එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධියත් හිමිකරගත් පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැපිලියාන සුනේත්ත්‍රාදේවි විද්‍යායතන පිරිවෙනෙන් ගුරු වෘත්තියට පිවිස රත්මලාන පරම ධම්මචේතිය පිරිවේනේ පරිවේනාධිපති ධුරයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය ධුරයත් උසුලනු ලැබුහ.

මෙරටෙහි සිදුකෙරෙන සියලුම ජාතික හා අන්තර්ජාතික මට්ටමේ වැඩසටහන් වලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ ශාසනික වශයෙන් විශාල යුග මෙහෙවරක් සිදුකළහ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් උන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන්ද පිදුම් ලැබුහ.

මේ අතර මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් බෙල්ලන්විල, රත්නපිටිය සහ විජේරාම අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී දේහය රැගත් පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට බොරලැස්ගමුව හන්දියෙන් රත්තනපිටිය හන්දියට පැමිණ රත්තනපිටිය හන්දියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණිමට නියමිතව තිබේ.

ආදාහන පෙරහැර හේතුවෙන් පස්වරු 1.00 සිට අදාළ මාර්ග වල රථ වාහන ධාවනය සීමා කරන බැවින් එම මාර්ග භාවිතා කරන මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

எரிவாயு,பால்மா விலை அதிகரிப்பு தொடர்பில் இன்று தீர்மானம்

Mohamed Dilsad

பாராளுமன்றத்தில் கடுமையான குழப்பநிலை மற்றும் பதற்றம்!

Mohamed Dilsad

Vadivel Suresh and Wasantha Senanayake resigned from Ministerial Portfolios

Mohamed Dilsad

Leave a Comment