ක්‍රීඩා

ජීවන් මෙන්ඩිස් යළි ශ්‍රීලංකා සංචිතයට කැඳවයි

(UTV| බංගලාදේශය) – බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරඟ දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනයේ නම් කෙරුණි.

දිනේෂ් චන්දිමාල් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

ඊට හේතුව නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙනි.

මේ අතර මෙම සංචිතයට 2013 වසරේ අවසන් වරට විස්සයි විස්ස තරඟයකට ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන  ජීවන් මෙන්ඩිස් කැඳවා තිබේ.

35 හැවිරිදි ජීවන් මෙන්ඩිස් හට 2015 වසරේ ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ස්ථානයක් හිමි නොවුනි.

දේශීය තරඟවල දී දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් මෙලෙස ඔහුට යලි කණ්ඩායමේ ස්ථානයක් හිමිව ඇත.

මීට අමතරව ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපොන්සෝ හා වේග පන්දු යවන ඉසුරු උදානට කණ්ඩායමේ යළි අවස්ථාව හිමිව තිබේ.

අබාධයකට ලක්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද යළි සංචිතයට එක්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නරඹන්නන් නොමැතිව පැවැත්වෙන පාපන්දු තරඟාවලිය

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ජේම්ස් පැටිසන් තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment