ප්‍රමුඛ පුවත 1

“Wolbachia” බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඩෙංගු වෛරසය පැතිරීම වැලැක්වීම අරමුණූ කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇති බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බ්‍රේස් හට්සන් (Bryce Hutchesson) යන මහත්වරුන් විසින් ඊයේ (07) සෞඛ්‍ය, පෝෂණ හා  දේශීය අමාත්‍යංශයේදී සිදු කරන ලදි.

ශ්‍රී ලංකාව තුළ මදුරුවන් මගින් බෝවන රෝග අතුරින් ඩෙංගු රෝගය ප්‍රධාන මහජන ගැටළුවක් බවට පත්ව ඇත. පසුගිය දශක දෙකක කාලය තුළ වසංගත ආකාරයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ප්‍රවණතාවයකින් සිදු විය. ඩෙංගු රෝගය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධව විවිධ අමාත්‍යංශ සහ ආයතන මගින් විවිධ වැඩසටහන් දියත් කළ අතර 2017 වර්ෂයේදී රෝගීන් 187,000 ක් වාර්තා වූ අතර, මිනිස් ජීවිත 400 කට අධික ප්‍රමාණයක් අහිමි විය.
ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ “Aedesaegypti” මදුරු විශේෂයයි. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පවතින ප්‍රධාන ක්‍රමෝපායන් වන්නේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ වාහක මර්දනයයි. කෙසේ නමුත් සම්ප්‍රදායික පාලන ක්‍රමයන් අඛණ්ඩව සහ තිරසාර ලෙස නොපැවතීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සෞඛ්‍ය තර්ජනයක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයන් යටතේ වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී වාහක පාලනය සිදුකල හැකි ජෛව පාලන  සඳහා අවතීර්ණ  ක්‍රමෝපායන්සඳහා අවතීර්ණ වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.
ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළෑක්වීම සඳහා Wolbachia බැක්ටීරියාව යොදා ගැනීම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හඳුන්වා දී ඇති එවැනි එක් නව ක්‍රමවේදයකි. මෙම බැක්ටීරියාව, සමහර මදුරු විශේෂද ඇතුළුව ලෝකයේ කෘමි විශේෂ 60% කට වැඩි ප්‍රමාණයක ශරීරය තුළ හා ස්වාභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. Wolbachia බැක්ටීරියාව ශරීරය තුල අඩංගු වූ විට ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය සිදු නොවේ. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන Aedesaegypti මදුරුවන්ගේ ශරීරය තුල ස්වාභාවිකව හමු නොවේ. එබැවින් Wolbachia බැක්ටීරියාව කෘතිමව හඳුන්වා දීමෙන්, Aedesaegypti මදුරුවන් මගින් ඩෙංගු වෛරසය පැතිරීම වළක්වයි.
ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා Wolbachia බැක්ටීරියාව ආසාධිත Aedesaegypti මදුරුවන් නිදහස් කිරීම ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ වල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ World Mosquito Programme (WMP) කැමැත්ත පල කොට ඇත.  Wolbachia බැක්ටීරියාව ආසාධිත Aedes මදුරුවන් නිදහස් කිරීමේ නියාමන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමෝපායකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

Mohamed Dilsad

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති රැසක් – සජිත්

Mohamed Dilsad

Leave a Comment