විදෙස්

බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5ක සිරදඩුවමක්

(UTV| ඩකා) – බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම් නියම වී තිබේ.

දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇයට එරෙහිව පැවති දූෂණ නඩුව අද බංග්ලාදේශයේ ඩකා අගනුවර අධිකරණයකදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මෙය දේශපාලන පළිගැනීමක් බවට ඇය චෝදනා කරයි.

ඇයගේ ආධාරකරුවන් ඩකා අගනුවර කලහකාරි අන්දමින් හැසිරීම හේතුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇත.

ළමා නිවාසයකට අරමුදලකින් මුදල් වංචා කිරීමක් පිළිබඳ විපක්ෂ නායකවරියට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැන් පොඩ්ඩක් නවත්වමු – බයිඩන් ඉල්ලයි

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය ආහාර රැස්කරගන්නැයි චීන රජයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

ඇමෙරිකා – උතුරු කොරියා සාකච්ඡා වලට දකුණු කොරියාවත් එක් වෙයි

Mohamed Dilsad

Leave a Comment