ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂට එරෙහි තහනම 28 වන දා කල් යයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වන දා දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝගය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොණු කළ පෙත්සමක් යළි සළකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රිරාන් ගුණරත්න යන විනිසුරුවන් මෙම නියෝගය ලබා දී ඇත.
ගෝඨාභයට රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම මඟින් කියා සිටින්නේ, පසුගිය රජය සමයේ ඩී.ඒ.රාජපක්ෂ කෞතුගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 81 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය තමන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සහතිකයක් ගොනු කර ඇති බවයි.
පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල කිරීමට පදනමක් නොමැති බව කියා සිටියේය.
ඒ අනුව තමාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.
අදාළ පෙත්සම අද කැඳවු විට ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හෝ චෝදනා ගොනු කිරීම සම්බන්ධවෙයන් කිසිදු විරුද්ධත්වයක් නොමැති බව කියා සිටියේය.
කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට හා පොදු දේපල පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති සහතික පත්‍රය මත ක්‍රියා නොකරන්නේ නම් මෙම නඩුව සමතයකට පත් කිරීමට හැකියාවක් පවතින බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත් එයට කල් ලබා දෙන ලෙසයි.
ඒ අනුව ලබන 27 වන දිනට නඩුව නැවත විභාග කිරීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට පෙත්සම්කරුගේ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කරන්නැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කර ඇත.
අනතුරුව තහනම් නියෝගය ලබන 28 දක්වා කල් දමා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට රැස්වේ

Mohamed Dilsad

ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනපති පවසයි.

Mohamed Dilsad

මෙරට විදේශ සංචිතය ඉහලට

Mohamed Dilsad

Leave a Comment