ප්‍රමුඛ පුවත 1

අක‍්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින් පත්වීම් ලබයි

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සහ සි/ස මිහින් ලංකා යන සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරික්ෂණ කොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

මෙම කොමිසමේ සභාපති ලෙස විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරන අතර විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ. ඒ. ජී. ආර්. අමරසේකර, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්. ඩී. ඒ. හැරල්ඩ් යන මහත්වරුන් සහ ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජේ. කේ. ගීගනගේ මෙනවිය සෙසු සාමාජිකයෝ වෙති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හැඳුනුම්පත ගන්න අද සිට රුපියල් 100ක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට පැමිණෙයි.

Mohamed Dilsad

විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment