ප්‍රමුඛ පුවත 1

අන්තර කැඳවුම්කරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්යාවල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ ලබන 28 වනදා දක්වාය.

අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග නොතකා ජනවාරි 25 වනදා ජනතා පීඩාවක් ඇතිවන අයුරින් පාගමනක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස රක්ෂිත බන්නාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි වෙනත් නඩුවක් සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරනයට පැමිණි අවස්ථාවේදී කොල්ලුපිටිය පොලීසිය බී වාර්තාවක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් මෙම නියෝගය කර තිබේ.
 සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදීම මහජන පීඩා ඇති වන පරිදි උද්ඝෝෂණ නොපවත්වන ලෙසට අධිකරණය විසින් කර ඇති නියෝග නොතකා කටයුතු කර ඇති බව ද කොටුව මහේස්ත්‍රාවරිය එහිදී පෙන්වාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ටම වෙන්වූ වැඩමුළුවක්

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද (10) විශේෂ මහාධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment