ප්‍රමුඛ පුවත 1

ඇමතිනිය අබුඩාබි සුරක්ෂාගාරයේ රැදවියන්ගේ සුවදුක් විමසයි

(UTV| කොළඹ) – විදෙස්ගතව සුරක්ෂාගාර නිවාසවල සිටින රැදවියන් හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය නිලධාරීන්ට දන්වා තිබේ.

අබුඩාබි සංචාරයේ දී අමාත්‍යවරිය විසින් මෙම රැදවියන්ගේ ගැටළු සොයා බැලූ අතර එහිදී මෙම රැදවියන් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සදහා මැදිහත් වූවාය.

එහිදී අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ, ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස අවශ්‍ය උපරිම මැදිහත් වීම සිදු කරන බවත් ඒ සදහා අවශ්‍ය කරන ඕනෑම පහසුකමක් ලබා දීමට මැදිහත් වන බවත් ය.

ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේ නිවැරදි නීතිරීති අනුව විදෙස්ගත වන ලෙසත් සංචාරක වීසා මත රැකියාවක් සදහා විදෙස්ගත නොවන ලෙස අමාත්‍යවරිය පවසා සිටියාය. සංචාරක වීසා මත විදෙස්ගත වී
රැකියාවක නිරත වීම නීත්‍යානුකූල නොවන බව කී අමාත්‍යවරිය, ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස්ගත නොවන ලෙස ද වැඩිදුරටත් දන්වා සිටියාය.

අබුඩාබි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂාගාර නිවාසයේ දැනට ශ‍්‍රමිකයින් 8 දෙනෙකු සිටින අතර මෙම නිරීක්ෂණය සදහා අබුඩාබි ශ‍්‍රී ලංකා තානාපති සුලයිමන් ජිෆ්රි මොහිදීන් මහතා සහ ඩුබායි රාජ්‍යයේ කම්කරු උපදේශක ජයන්ත වනිගතුංග මහතා ඇතුළු පිරිසක් එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තමිල්නාඩුවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

අප්‍රේල් 01 වැනිදා සිට නාඩු සහ සම්බා සහල් පාලන මීලකට..

Mohamed Dilsad

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment