ප්‍රමුඛ පුවත 1

නරා ආයතනයේ 2018 පර්යේෂණ වාර්තාව එළි දක්වයි

(UTV| කොළඹ) – ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය ( නාරා ) විසින් 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණ ඇතුළත් 2018 පර්යේෂණ වාර්තාව ”නිල් සයුර ”නමින් එළිදක්වනු ලැබීය.

එම පර්යේෂණ වාර්තාව නාරා ආයතනයේ සභාපති අනිල් ප්‍රෙමරත්න මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට හා අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාට පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ කුඩා සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය, ශ්‍රී ලංකාවේ මහා සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය, ටූනා මත්ස්‍ය කර්මාන්තයේ වෙනස්වීම්, ටූනා මසුන්ගේ ආමාශයේ තිබී පොලිතීන් හමුවීම හා සාමුද්‍රික පරිසර දූෂණය, මුහුදු කූඩැල්ලන් ධීවර කර්මාන්තය, ගල්මාළු විශේෂවල ජෛව සහ ධීවර විද්‍යාත්මක අධ්‍යයනය, මාදැල් කර්මාන්තයේ යෝග්‍යතා, කැස්බෑවන් හා නිල් කකුළුවන් පිළිබඳ අධ්‍යයනය ආදි පර්යේෂණ රැසක තොරතුරු ඊට ඇතුළත් වේ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළපු ආශ්‍රිතව මත්ස්‍ය බෝවීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවත්, ඊට බලපාන කරුණු පිළිබඳව ද අවධානය යොමුකරමින් නාරා ආයතනය මගින් පර්යේෂණයක් සිදු කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ දී ප්‍රධාන පර්යේෂණ ආයතනය වන නාරා ආයතනය විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක වන පරිදි විශ්වසනීයත්වයෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නානුඔය පොලිසියේ තවත් 7කට ස්ථාන මාරු

Mohamed Dilsad

මදුෂ්ගේ කල්ලියේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

Leave a Comment