ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

(උදයම්,ඇමෙරිකාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අන්ද්‍රේ රුසෙල් හට වසරක කාලයක් තරඟ තහනමක් පනවයි.

ක්‍රිකට් පරීක්ෂණ කමිටුවක් විසින් ඊයේ සිට ක්‍රියාත්මක වන අයුරින් මෙම දඬුවම නියම කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

අන්ද්‍රේ රුසෙල් විසින් තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් වූ පරීක්ෂණ මගහැරීම මෙම දඬුවමට හේතු වී ඇත.

මේ අයුරින් 2015 වසරේ සිට රුසෙල් තුන්වතාවක් තහනම් උත්තේජක පරීක්ෂණ මගහැර තිබේ.මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත්කර නොමැති බවද විදෙස් ක්‍රීඩා වාර්තා වල දැක්වේ.

Related posts

කුලසේකරගේ සමුගැනීම ගැන ලසිත් කියූ සංවේදී කතාව(වීඩියෝ)

Mohamed Dilsad

ලක්මාල්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් – කොදෙව්වන් ලකුණු 99ක් ඉදිරියෙන්

Mohamed Dilsad

ආසියානු කුසලානය සිංහයන්ට

Mohamed Dilsad

Leave a Comment