ප්‍රමුඛ පුවත 1

පොලිස් ඇඳිරි නීතිය ඉවතට

(UTV-කොළඹ) – මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කල බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 6.00ට ඉවත් කළ බවයි.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්රිික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.
මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කලහකාරී සිද්ධිය සමතයකට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර අද දිනයේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ සියලු පාසල් වසා තැබීමට ද අධ්‍යාපන අමාත්‍යශය නියෝග කරනු ලැබීය.
මේ අතර මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබදව අද දිනයේ පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුවීමට අදාළ පළමු වාර්තාව අද භාරදෙයි..

Mohamed Dilsad

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…

Mohamed Dilsad

විදුලි රැහැනක ගැටී අවසන් ගමන් ගිය පියා සහ පුතා

Mohamed Dilsad

Leave a Comment