ප්‍රමුඛ පුවත 1

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුුතු කරන පිරිස් සඳහා 20 වසරක සිරදඬුවමක්

(UTV| කොළඹ) – සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුවය.
ඊයේ (06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රට තුළ ඇති වී තිබෙන මෙම තත්ත්වය හමුවේ ලිංගික හිංසනය, කොල්ල කෑම්, දේපල හානි කිරීම්, තුවාල සිදුකිරීම්, ඇතුළු ජාතීන් අතර සමඟිය නැති කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුුතු කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම රටේ ඇති වී තිබෙන අවස්ථානුකූල තත්ත්වය මත එකී තත්ත්වයන්ට අදාළ කරුණු කාරණා මූලික කර ගනිමින් කතා  පැවැත්වීම, දේශන පැවත්වීම, ලිපි පළ කිරීම යනාදී සමාජ මාධ්‍යයන්හි නීති විරෝධී ආකාරයෙන් ක්‍රියා කරන්නන්ට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මක බව ඒ මහතා කියා සිටියේය.
මෙම වරද සිදු කිරීම යටතේ දෙයාකාරයකට පුද්ගලයින් අත්අඩංගුවට ගත හැකි බවත්, ඒ අනුව අත්අඩංගුවට ගන්නා පිරිස් ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා කියා සිටියි.
එමෙන්ම මෙම නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට තැත් කිරීම  හෝ කුමන්ත්‍රණය කිරීම් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු වහාම පොලිස් නිලධාරීන් ඇතුළු ත්‍රිවිද හමුදාවේ සියලු නිලධාරීන්ට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ බලය පවරා ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම එසේ අත්අඩංගුවට ගන්නා පිරිස් ආසන්නතම පොලිස් ස්ථානයට බාර දී පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නොමැතිව තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍යනම් දින 14 රැඳවුම් නියෝගයන් මත පොලිස් බාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන කළ හැකි බවත් සඳහන්ය.
එමෙන්ම මෙවැනි පුද්ගලයින්ට අධිකරණය විසින් ඇප දෙන්නේ සුවිශේෂි කරුණු මත පදනම්ව පමණක් බවත්,සමාජ මාධ්‍ය වෙතින් වෙනත් ආකාරයෙන් භීතිය හෝ අප්‍රසාදය පළ කිරීම , සංහිඳියාවට බාධාවන අයුරින් කටයුතු කළහොත් අත්අඩංගුවට ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායකවරයා පත්කිරීම අද

Mohamed Dilsad

Leave a Comment