ප්‍රමුඛ පුවත 1

දුම්රිය හරස් මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

(UTV| කොළඹ) – දුම්රිය හරස් මාර්ගයන් හි සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය, සිසිර කෝදාගොඩ මහතා අප වෙත පැවසීය.
ඒ අනුව මෙම නව වැඩසටහනේ පළමු අදියරේ දී කැලණිවැල දුම්රිය මාර්ගයේ සියලු ම දුම්රිය හරස් මාර්ගයන්ට ප්‍රථම ව අඩි 30න් 30ට දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් ඇති බැවින් වේගය සීමා කරන ලෙස දැනුම් දෙනු ලබන ලුමිනස් බෝඩ් 03බැගින් ඉදිකිරීම සිදු කෙරේ.
එසේම දුම්රිය මැදරි තුළ මෙන් ම දුම්රිය ස්ථානවලද මහජනතාව දැනුම්වත් කිරීම සඳහා අවශ්‍ය දැනුම්වත්කිරීමේ බෝඩ් සවිකිරීම ද සිදු කෙරේ.
ඒ අනුව අද (12) මෙම බෝඩ් සවිකිරීමේ කටයුත්ත මහරගම, නාවින්න දුම්රිය හරස් මාර්ගයේ දී සිදු කෙරේ.
එමෙන් ම ලබන මාසයේ දී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මෙන් ම කොළඹ – මුහුදුබඩ දුම්රිය මාර්ගයන් හි ද මෙම කටයුත්ත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පෙන්වා දුනි.
2017 වසරේ දී දුම්රිය හරස් මාර්ගයන් හි දුම්රිය අනතුරු 261ක් සිදු ව ඇති අතර ඉන් පුද්ගලයින් 61දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයාගේ අත්සනින් යුතු ලිපියක්

Mohamed Dilsad

ඉඩම් කෙටුම්පත් ගැන තීරණයක් ගන්න පක්‍ෂ නායක හමුව රැස්වේ

Mohamed Dilsad

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

Leave a Comment