ක්‍රීඩා

සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය යලි ඉදිකිරීමට නැවත මිල ගණන් කැඳවීමට සුදානම්

(උදයම්,කොළඹ ) – කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය නැවත ඉදිකිරීමට නැවත මිල ගණන් කැඳවීමට අභියාචනා මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ මීට පෙර ඒ සඳහා ලබාදුන් ටෙන්ඩරය අවලංගු කරමිනි.
2012 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට පෙර අලුතින් ඉදිකිරීමෙන් අනතුරුව විවෘත කළ සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය වසරක් ගතවීමටත් පෙර අබලන් තත්ත්වයට පත්වුණි.

ඒ අනුව යළි එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසු එක් සමාගමකට අදාළ ටෙන්ඩරය පසුගිය මාසයේදී ලබාදුන්නේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි සලකා බලා යළි ටෙන්ඩර් සඳහා මිල ගණන් කැඳවීමට තීරණය කර ඇත.

Related posts

ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

Mohamed Dilsad

ඔලිම්පික් කොවිඩ් පොකුර ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට අද තීරණාත්මකයි

Mohamed Dilsad

Leave a Comment