ප්‍රමුඛ පුවත 1

එළවළු මිල ගණන් දැන් ජංගම දුරකතනයට

(UTV| කොළඹ) – කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි ගොවීන් සහ වෙළෙඳුන් වෙත එදිනෙදා පවතින එළවළු මිල ගණන් ලබාදීමේ වැඩපිළිවෙලක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ආරම්භ කොට ඇත.

මේ අනුව මොබිටෙල් ජංගම දුරකතන ජාලයකින් කෙටි දුරකතන අංක 6666 ඇමතීමෙන් දවසේ පැය 24  පුරාම වෙළෙඳපොලේ එළවළු අලෙවි කෙරෙන තොග මිල ගණන් ලබාගත හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අළෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ අංශ ප්‍රධානී ඩබ්ලිව්.එච්.ඩී.ප්‍රියදර්ශන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

පිටකොටුව තොග වෙළෙඳපොළ සහ දඹුල්ල, කටුගස්තොට, තඹුත්තේගම,නොරොච්චෝලේ, නුවරඑළිය,කප්පෙටිපොළ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානවල පවතින එළවළු වර්ග 23ක තොග මිල ගණන් පිළිබඳ තොරතුරු ගොවීන්ට, වෙළෙඳුන්ට හා පාරිභෝගිකයන්ට ලබාගත හැක.

එළවළු අස්වනු නෙළන අවස්ථවේදීම තොග වෙලඳපොළවල්වල මිල තොරතුරු දැනගැනීමට හැකිවීමෙන් තම නිෂ්පාදන ඉහලම මිලකට අළෙවි කරගනීමට ගොවීන්ට හැකිවන බවද ප්‍රියදර්ශන මහතා කීය.

ජංගම දුරකතන මඟින් ලබාදෙන මිල ගනන් හරහා පැය 24 කාලයක් ජාලය තුළ පවතින අතර පසුදින එම වේලාව  ඉක්ම වූ පසු එම මිල ගණන් සවයංක්‍රීයව ඉවත්ව යන අතර නව මිල ගණනය යළි එකතු කෙරේ.

ඉදිරියේ දී මෙම එළවළු තොග මිලගණන් අනෙකුත් දුරකතන මාර්ගයෙන් ද ලබාදීමට සැලසුම් කොට තිබේ.  එසේම උතුරු නැඟෙනහිර හා දකුණු පළාතේ මෙන් ම බණ්ඩාරවෙල, වේයන්ගොඩ,වැලිසර තොග අලෙවි
මධ්‍යස්ථානවල පළතුරු, එළවළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ද මේ හරහා ලබාදීමට හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කටයුතු කරගෙන යයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Read 21 times

Related posts

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

මහියංගනය ත්‍රිරෝද රථ අනතුරෙන් අතුරුදන් වූ දරුවෙකුගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

Leave a Comment