ප්‍රමුඛ පුවත 1

ජනපති හිරෝෂිමාවේ සංචාරයක

(UTV| කොළඹ) – ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ  ඊයේ (15) සංචාරයක නිරත විය.

හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.

1945 වසරේ අගෝස්තු 06 වනදා ලොව ප‍්‍රථම පරමාණු බෝම්බ ප‍්‍රහාරය හිරෝෂිමාවට එල්ල විය. එහිදී නගරයෙන් සියයට අනූවක් පමණ විනාශ වූ අතර, එකවර මිය ගිය සංඛ්‍යාව අසූදහසකට අධිකය.

වසර අවසානයේ එම මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හතළිස්දහස දක්වා ඉහළ ගියේය. මෙම ඛේදවාචය සිදුවූ ස්ථානය නැරඹූ ජනාධිපතිතුමා ටික වේලාවක් එහි හැඟුම්බරව ගත කළේය. එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැඟිල්ල ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ව්‍යාජ මුදල් ළඟ තබාගෙන සිටි තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාධනය වූවන් ඉහළට

Mohamed Dilsad

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිළ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment