ප්‍රමුඛ පුවත 1

විරෝධතා හේතුවෙන් රථ වාහන තදබද

(උදයම්,කොළඹ)  – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් මරදානේ සිට කොටුව දෙසට රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

මේ අතර ආබාධිත පොලිස් නිලධාරීන් විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ-කොටුව, ඕල්කට් මාවතේ- කොටුවෙන් පිටවන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් කොටුව ලෝටස් මාර්ගය හා බැංකු මාර්ගයද තාවකාලිකව වසා දමා ඇත.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

පක්ෂ නියෝජිත හමුවක් අද

Mohamed Dilsad

පොලීසිය සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

Leave a Comment