ව්‍යාපාරික

ක්‍රීඩාවට දක්‍ෂ ගම්බද දරුවන් සොයා යන Crysbro Next Champ

(UTV| කොළඹ)  – ශ‍්‍රී ලාංකීය ක‍්‍රිඩාව ජාත්‍යන්තරය දික්විජය කිරීමේ ජාතික හැගීම පෙරදැරිව තම ලාභය රට වෙනුවෙන් ආයෝජනය කරන ආයතන ඇත්තේ අතලොස්සකි.

ඒ අනුව මතු බලපොරොත්තු තැබිය හැකි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් ක‍්‍රිස්බ්‍රෝ සන්නාමයේ හිමිකාරිත්වය පවතින Farms Pride ආයතනය විසින් Crysbro Next Champ රටට හදුන්වා දෙයි.

Farms Pride ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ මොහොමඞ් ඉමිටියාස් මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක කෙරෙන  Crysbro Next Champ වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව පසුගියදා Cinnomond Grand හෝටලයේදී පැවැත් විණි.

මෙම වැඩ සටහන් මගින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් රටට හදුන්වා දීම, ප‍්‍රවීන ක‍්‍රීඩන ක‍්‍රීඩිකාවන්ගේ දැනුම නව පරපුර වෙත ගෙන යාම, ක‍්‍රීඩා ශාරීරික හා පෝෂණ දැනුම සැපයීම, ජාත්‍යන්තර කී‍්‍රඩාව හා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයට හේතු වු ජීවන තොරතුරු හා වාර්ෂික Crysbro Next Champ නමින් සම්මාන උළෙලක්ද පැවැත්වීම මූලික අරමුණ වේ.

උදාහරණයක් ලෙස මෙම සම්මාන උළෙලේදී මීටර් 100 පිරිමි Crysbro Next Champ of the Year සම්මානය” මීටර් 400 කාන්තා Crysbro Next Champ of the Year සම්මානය, උස පැනීමේ පිරිමි Crysbro Next Champ of the Year සම්මානය” හෙල්ල විසිකිරීමේ කාන්තා Crysbro Next Champ of the Year සම්මානය” හොඳම පිතිකරු Crysbro Next Champ of the Year සම්මානය ආදී වශයෙන් සම්මාන 30ක් ප‍්‍රදානය කිරීමට නියමිතයි.

Crysbro Next Champ සෑම සෙනසුරාදාවකම රාත‍්‍රි 9.30ට channel Eye නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන අතර Crysbro Next Champ ,fb පිටුව හරහා ආර්ථීක ප‍්‍රශ්ණ හෝ උදව් ලබාදිය යුතු මට්ටමේ සිටින ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ජනතා සහයෝගයෙන් මූල්‍යමය හා ක‍්‍රිඩා භාණ්ඩමය උපකාර ලබාදීමද සිදු කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Farms Pride ආයතනයේ ජේ්‍යෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරස් සෙලා මහතා ප‍්‍රකාශ කරන්නේ නිරෝගීමත් හා ශක්තිමත් පරපුරක් දැයට දායාද කිරීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වන තම ආයතනය, Crysbro Next Champ වැඩසටහන ඉතා විනිවිද භාවයෙන් හා සියලූම දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ හැකියාවන් ජාතික තලයට රැුගෙන එමට බලාපොරොත්තු වන බවයි.

ඒ ඔස්සේ ඔවුන් මතු බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩා තරු බවට ගොඩනැගීමට කටයුතු කරන බව අමෝරස් සෙලා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දේශීය සමාගමක් ලෙසට මෙම ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ සිටින ෆාම්ස් ප‍්‍රයිඞ් ආයතනය, තම ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල කුකුළු මස්වල පෝෂණය සහ නැවුම්බව පිළිබඳව ආරම්භයේ සිට ඉහළ අවධානයක් යොමු කරයි. නව්‍යකරණය කෙරුණු නිෂ්පාදන ක‍්‍රමවේදයක් ම`ගින් උසස් තත්ත්වයේ සෞඛ්‍යාරක්‍ෂිත ප‍්‍රමීතීයෙන් හා ස්භාවික තත්වයෙන් වගා කෙරුණු තිරි`ගූ, බඩඉරු`ගු සහ වී ලබාදෙමින් කුකු`ඵ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙයි. ෆාම්ස් ෆ‍්‍රයිඞ් ආයතයයේ සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුලදීම ජෛව- සුරක්‍ෂිතතා මිනුම් ස්ථාපනය කරමින් ඉතා ඉහල ප‍්‍රමිතියෙන් සෞඛ්‍යාරක්‍ෂිත භාවය තහවුරු කෙරෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/CHRYSBO-NEXT-CHAMP-02-UTV-NEWS.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලුණු කර්මාන්තකරුවන් විශාල ගැටලුවක

Mohamed Dilsad

සහල් මිල යළි ඉහළට

Mohamed Dilsad

රත්නපුරේ තේ වගාවට දිලීරයක් පැතිර යයි

Mohamed Dilsad

Leave a Comment