ප්‍රමුඛ පුවත 1

මානව හිමිකම් සමුළුවට අද මෙරටින් යන අය

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා මෙරට නියෝජිත පිරිස අද (19) පිටත්වේ.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු කණ්ඩායමක් ජිනීවා බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර එය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.
ඒ අනුව එළඹෙන 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඔහුගේ වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වාර්තාවට ප්‍රථම වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසාරිස්වරයා පවසා සිටියේ මෙරට වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමක් කළ යුතු බවයි.
කෙසේවෙතත් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස්  දැක්වීමට නියමිතව තිබේ.
මේ අතර මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව අද දිනයේ සම්මත කර ගැනිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

පළාත් කිහිපයකට මද වැසි.

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට…

Mohamed Dilsad

Leave a Comment