ප්‍රමුඛ පුවත 1

පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩිප්‍රහාරයක්

(UTV| කතරගම) – තංගල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට අද (21) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

සිය සේවා ස්ථානය බලා යාමට පැමිණි අවස්ථාවේ කතරගම ප්‍රදේශයේදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තාවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කතරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙඹරවැව මූලික රෝහලට ඇතුලත් කර ඇත.

ත්‍රී රෝද රථයකින් පැමිණී පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 290 ඉක්මවයි. තුවාල ලැබුවන් ගණන 500ක්

Mohamed Dilsad

ශ්‍රීලංගමයට නව බස් 37ක්

Mohamed Dilsad

Leave a Comment