විදෙස්

මෙරට ආයම්මා කෙනෙකු මව් තනතුරේ තැබූ එමීර් තරුණයා

(UTV|අරාබිය) – තමා කුඩා කාලයේ සිට රැක බලාගත් ශ්‍රී ලාංකික ජාතික ආයම්මා මුළු ජීවිතකාලයේදීම බලා ගන්නා බවට ඇය හමුවේ පොරොන්දුවන අපූරු එමීර් ජාතික තරුණයෙකු ගැන සදහන් වීඩියෝ පටයක්  සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය සේවා ඔස්සේ දැඩි අවධානයක් යොමු වී ඇත.

එම වීඩියෝ පටය කලීජ් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවියේ පළ කර තිබූ අතර එහි සදහන් වන ආකාරයට සැලී නැමැති එම  ලාංකික කාන්තාවක වූ එම කාන්තාව වසර 36ක් පුරා එම එමීර් ජාතික මෙම තරුණයා සහ ඔහුගේ සහෝදරයින්  රැක බලා ගෙන ඇත. විවාහක ඇයට ඇයගේම දරුවන් නොමැති බවද සදහන්ය.

එසේ සේවය කරමින් සිටියදී එම ලාංකික කතගේ සැමියා හදිසියේම අසනීප වී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සිද්ධියෙන් දැඩි කම්පාවට පත් වේ යැයි කියන බියෙන් එම කණගාටුදායක පුවත තම ලාංකික ආයම්මාට නොපැවසීමට මෙම එමීර් ජාතික තරැණයා පියවර ගත්තේය.

ඒ අනුව ඇයට වහා ලංකාවට යෑමට ගුවන් ටිකට් පත් වෙන් කරවා ඇයගේ ගමනට අවශ්‍ය පහසුකම් ලබා දීමටද මෙම තරුණයා කටයුතු කර ඇත.

සමාජ මාධ්‍ය වල පළ වන වීඩියෝ පටයේ සදහන් එම එමීර් තරුණයා විසින් සිය ලාංකික ආයම්මා ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් රැගෙන ගොස් ගුවන්තොටුපළ වෙත ඇරලවා ඇයගෙන සමුගන්නා ආකාරයයි.

ඇයට කිසිදු දුකක් දැනෙන්නට කටයුතු නොකරන මෙම තරුණයා තමාව සහ තම සහෝදර සහෝදරියන් කුඩා කාලයේදී බලා ගත් අයුරු සිහිපත් කර දෙන අතරම එම තරුණයාගේ කාරුණික වදන් හමුවේ හැගුම්බරවන ආයම්මාද එම තරුණයාට ආශිර්වාද කරන අයුරුද වීඩියෝ පටයේ දැක්වේ.

එසේම ලංකාවට ගොස් යළි තමන් ඇතුළු පවුලේ පිරිස් සමග සේවකයෙකු මෙන් නොව මුළු ජීවිත කාලයේම සිටින්නට එනු ඇතැයි තමන් බලාපොරොත්තුව වන බව එම එමීර් ජාතික තරුණයා සිය ලාංකික ආයම්මා හමුවේ පවසා ඇත.එය අල්ලා දෙවියන්ගේ සහ තම පවුලේ කැමැත්ත බවද එම තරුණයා ඇයට පවසා ඇත.

අරාබි බසින් වචන හුවමාරු වන මෙම වීඩියේ පටය මේ වන විට ඉන්ස්ටග්‍රෑම් , ඇතුළු විවිධ සමාජ මාධ්‍ය වල පළ වී ඇති අතර එය දෙලක්ෂ තිස් දහසකට වැඩි පිරිසක් නරඹා ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔමික්‍රෝන් රටවල් 18ක් ආක්‍රමණය කරයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය

Mohamed Dilsad

Leave a Comment