ප්‍රමුඛ පුවත 1

ජනපති පාකිස්ථානය බලා යාමට සුදානම්

(UTV| කොළඹ) – පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (22) පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
ශ‍්‍රී ලංකා – පකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක්වන අතර මෑත යුගයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් හිමිවූ පළමු අවස්ථාව ද මෙය වෙයි.
1956 මාර්තු 23 වන දින පාකිස්ථානය ජන රජයක් බවට පත්වූ අතර එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වන දිනය ජන රජ දිනය ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරණු ලබයි.
මෙවර උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනීමට පාකිස්ථාන රජය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සිය දෙදින නිල සංචාරය තුළදී පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මැතිතුමා මෙන්ම අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිතුමා එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු කරනු ඇත.
එමෙන්ම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

චීන නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

තොරතුරු දැන ගැනීමේ පනත ලබන මස මුල ගැසට් මගින් ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment