ප්‍රමුඛ පුවත 1

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 3ක්

(UTV| කොළඹ) – පකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව  ඊයේ (23) පස්වරුවේ ඉස්ලාම්බාද් නුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිදුවිය.

අග්‍රාමාත්‍ය නිල නිවස වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
නායකයින් අතර සුහඳ කතා බහෙන් අනතුරුව ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණ.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 03 කට ද අත්සන් තැබිණි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනය සහ පකිස්ථානයේ විදේශ සේවා ඇකඩමිය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද්දේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ පකිස්ථාන විදේශ ලේකම්වරයා විසිනි.
පකිස්ථානයේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ජාතික පාසල සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අතර ද ගිවිසුමකට අත්සන් තැබුණු අතර, පකිස්ථානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ පකිස්ථානයේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ජාතික පාසලේ පීඨාධිපතිවරයා ඊට අත්සන් තැබූහ.
දෙරට අතර තරුණ සංවර්ධන ගිවිසුමකට ද පකිස්ථානයේ අන්තර් පළාත් සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා අතර අත්සන් තැබිණි.
මේ අතර පකිස්ථාන – ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආයෝජන මිත්‍රත්ව සංගමය මඟින් රටවල් දෙක අතර ක්‍රියාත්මක කරන අක්ෂි කුණිත වැඩසටහනට අදාළ පරිත්‍යාගයක් ද මෙහිදී ජනාධිතිවරයා අතින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරා වෙත පිළිගැන්විණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CID -TID ඇතුළු පොලිසියේ 11 කට ස්ථාන මාරුවීම් [RELEASE]

Mohamed Dilsad

2019 වසර අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment