ප්‍රමුඛ පුවත 1

ඩෙංගු අවම කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇමැති රාජිතගෙන් උපදෙස්

(UTV| කොළඹ) – දිවයින පුරාම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරන ලෙස සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරේ දීප ව්‍යාප්තව සිදු කරන ප්‍රථම ඩෙංගු මර්දන වැඩසටහන අප්‍රේල් මස 03 සිට 09 දක්වා දියත් කිරීමට කටයුතු යොදා ඇත.

2018 වර්ෂයේ ගත වූ කාල සීමාව තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 50% ක අඩුවීමකි. මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සදහා 2018 මාර්තු 22 – 23 යන දින වලදී බස්නාහිර පළාත තුල හා මඩකලපුව දිස්ත්‍රික්කය තුල හඳුනා ගත් වැඩි අවදානම් ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සෞඛ්‍ය කණ්ඩායම් 450 කගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

මෙම දෙදින වැඩසටහනේ පළමු දිනය වූ   (22) දින   පරිශ්‍ර 20,760 පරික්ෂා කරන ලද අතර පරිශ්‍ර 2941(15%) ක මදුරු කීටයන් සොයා ගනු ලැබ ඇත. එසේම පරිශ්‍ර 273(1.3%) මදුරු කීටයන් සොයා ගෙන ඇත. තව දුරටත් පාසල් හා කර්මාන්තශාලා වල මදුරුවන් බෝවීමේ අවදානමක් ඇති බව හදුනා ගෙන ඇත.

තවද නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමට අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබදව විපරම් කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
මේ සදහා සියලූ දෙනාගේ සහයෝගය අපේක්ෂා කෙරේ.

ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුතා අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

හලාවතට සහ කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment