ක්‍රීඩා

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ බලලත් නිලධාරී 1 සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් ද මෙම තරඟාවලිය සඳහා සහභාගි වේ.

මාර්තු මස 27 සිට 30 දක්වා පැවැත්වෙන ණ්SCඇ ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් හා තරඟ වැඳිමට ද අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 1 සිට 3 දක්වා මැලේසියා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරඟ (පන්දුවාර 50) 03 ක් සඳහා ද සහභාගිවීමට නියමිතය.

මෙවැනි තරඟාවලි පැවැත්විම මඟින් ක්‍රීඩකයන් අතර ආත්ම විශ්වාසය වැඩිදියුණු වන අතර, විවිධ තණබිම් වල ක්‍රීඩා කිරීමේ හැකියාව ද වර්ධනය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා අවධානම මැද ශ්‍රී ලංකාවට යන බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දුන් පණිවිඩය

Mohamed Dilsad

දිල්ලි බුල්ස් කණ්ඩායමෙන් මැතිව්ස්ට අනගි අවස්ථාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment