ප්‍රමුඛ පුවත 1

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

(UTV|චීනය) – චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනය (CPDA) සංවිධානය කරන 2018 මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ.

මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආරම්භ විය. ඒ අනුව මෙවර එය පැවැත්වෙන්නේ තුන්වන වරටයි. වැඩසටහන් කාලය මාස දහයකි. ඒ සදහා ශ්‍රීලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලින් හා ආසියා පැසිපික් කලාපයේ රටවලින් මෙවර තෝරාගෙන ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව 16 කි.

මීට අමතරව අප්‍රිකානු කලාපයේ රටවලින් ද මාධ්‍යවේදීන් 30 දෙනෙකු සහභාගී වී සිටී. චීනය හා අනෙකුත් රටවල් අතර සමීප සබදතා තරකර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එහි සමාරම්භක උත්සවය ඊයේ (27) පැවැත්වුනේ , චීනයේ බීජිං නුවරදීයි. චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනයේ උප සභාපති හූ ජවන්ගො ( HU zhengyue) මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. මෙම වැඩසටහනට
එක්වන මාධ්‍යවේදීන් නියෝජනය කරන රටවල තානාපතිවරුන්ට මේ සදහා ආරාධනාකර තිබුණි. චීනයේ ප්‍රධාන දේශපාන ක්‍රියාකාරකම් , රාජ්‍යතාන්ත්‍රික සිද්ධින් ආදිය ආවරණය කිරීමටත් , එරට අමාත්‍යවරුන් හා ප්‍රධාන පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් මෙහීදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවේ.

මීට අමතරව සාම්ප්‍රදායික චීන සංස්කෘතිය පිලිබදව අවබෝධය ලබගත හැකිය. සමාජ , ආර්ථික , දේශපාලන ආදි ක්ෂේත්‍ර පිළීබදව විශේෂ දේශනද සංවිධානය කර ඇත. එම සියලු දේශන “රෙන්මින් ,, විශ්වවිද්‍යාලයේ දී සතිපතා පැවැත්වේ.

චීනයේ ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ( CIPC) , චීන – ආසියා පැසිපික් මාධ්‍ය කේන්ද්‍රය (CAPPC), චීන – අප්‍රිකා මාධ්‍ය කේන්ද්‍රය (CAPC) යන ආයතන ඒකාබද්ධව මෙම මාධ්‍ය හුවමාරු වැඩසටහන මෙහෙයවයි. 2018 වැඩසටහන ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජවිපෙ අලුත් පෙරමුණකින් ජනාධිපතිවරණයට

Mohamed Dilsad

චෝදනා වලට රනිල්ගෙන් පිළිතුරු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment