ප්‍රමුඛ පුවත 1

සා.පෙළ නැවත සමීක්ෂණය 07 වනදාට පෙර

(UTV| කොළඹ) – 2017 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරන්නේ නම් පාසල් අයදුම්කරුවන් අප්‍රේල් 7 වනදාට පෙරද  පෞද්ගලික අයදුම්කරුවන් අප්‍රේල් 12 වනදාට පෙරද අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබන අතර පෞද්ගලික අයදුම්කරුවන් ලබන 30 වනදා ජාතික පුවත්පත්වල පළකරනු ලබන දැන්වීම අනුව නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර සම්පුර්ණ කර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784208 ,0112 784537, 0113 188350,0113 140314 යන අංක වලට හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් [VIDEO]

Mohamed Dilsad

ගාලු පාරේ බස් වර්ජනය දිග් ගැස්සෙන ලකුණු

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment